සොයන්න:

ඔබාමා නිසා ජනප්‍රිය වෙච්ච පොතක්(ලු) ??




මෙන්න බලන්න සල්ලි වියදම් නොකර මාර්කටින් කරන හැටි....
ඒත් කොල්ලෝ පරිස්සමෙන්...
මේකයි සිද්ධිය..

ඔන්න පසුගියදා ඇමරිකාවේ,පෙන්සිල්වේනියා ප්‍රන්තයේ විශාලම නගරය වන පිලඩෙල්පියා නගරයේ මහජන රැලියකට සහභාගී වෙන්න ගිය ඇමරිකානු ජනාධිපති බැරක්‌ ඔබාමා රැලිය අමතමින් සිටියදී එක පාරටම පුද්ගලයකු ඔබාමා දෙසට අත් බෝම්බයකින්... අම්මෝ!!
සමාවෙන්න, පොතකින් දමා ගැසුවා...
මම බය වෙච්ච බයවිල්ලක් !! හික්! :p
(අනේ අම්මපා මූට බෝම්බයක් හොයාගන්න බැරි උනාද මන්දා?? :p )

කොහොම උනත් වහාම ක්‍රියාත්මක වෙච්ච ජනාධිපතිවරයාගේ ආරක්‍ෂක භටයො ටික මැදිහත් වෙලා අර බෝම්බය වෙනුවට පොතක් දමල ගහපු පුද්ගලයාව (මෝඩයාව) අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරාලු...

අනේ පවු කියන්නත්, ඒකා ඔබාමාගේ ළඟම ආධාරකරුවෙක්‌ලු... ලජ්ජාවේ බෑලු..
මේකා ළඟදී අලුතින් පොතක්‌ ලිව්වාලු..
මේ දවස්‌වල ඇමරිකාවේ පොත් විකුණන එක ඒ තරම් ලේසි නැහැ(ලු).
ඒ නිසා පොත ජනප්‍රිය කරන්න හිතාගෙන තමයි මේ විදියට පොතෙන් ඔබාමාට දමලා ගැහුවේ කියලා මේකත් ඇඟට පතට නොදැනීම කිව්වලු..

කොහොම වුනත් මේකාව ප්‍රශ්න කිරීමෙන් පසුව මුදා හැරුනාලු..

රාජ්‍ය නායකයන්ට සපත්තු වලින් දමා ගැසීම්, රාජ්‍ය නායකයන් ඉදිරිපිට විවිධ වෙනස්‌ දේවල් සිදුකිරීම දැන් මෝස්‌තරයක්‌ වෙලා(ලු). ලොව පුරාම මාධ්‍යවලින් ප්‍රසිද්ධ වෙන්න මෙහෙම කරන අයට ගතවෙන්නේ සුළු මොහොතයි(ලු)..

ඒ විතරක් නෙමෙයි මේ රැලිය මිනිස්සුන්ටත් හොඳ ආතල් රැලියක් උනාලු..
ඒ මොකද දන්නවද(ලු) ??
රැලියෙ තව තැනක මිනිහෙක් නිරුවතින් යකා නටන්න ගිහින් පොලිසියට මාට්ටු වෙලාලු..
අනේ අපරාදෙ කියන්න පොලිසියෙන් මේ හාදයාව අල්ලගෙන ගිහින් හොඳට කලිසමක් එහෙම අඳින හැටි කියල දීලා ගෙදරට යැව්වලු...
අනේ පවු නේද කොලුවා(ලු) ??

මේ අතරේ තවත් කට්ටියක් අර බුෂ් අයියට සපත්තුවෙන් ගහපු එකට ගේම් එකක් හැදුවා වගේ මේ ඔබාමයියටත් පොත් වලින් ගහන ගේම් එකක් හදන්නලු ලෑස්තිය..
කව්ද එන්නේ ඒක ගහන්න... ??
මටනම් ගහම්දෝ නොගහම්දෝ කියලත් හිතෙනව(ලු)..
එක්කෝ ඔබාම පවු.. එක්කො පොත පව්...
නැත්නම් අර පොත විසි කරපු එකා පව් නේද ??
ඇයි අර හෙළුවෙන් දිව්ව කොලු පැටියා ?? (පැටියා කිව්වට ඌ ලොකු එකෙක් හොඳේ..)

අනේ අම්මපා ඇරිකානු ජනාධිපතිලට විතරක් ඔය එක එක දේවල් උඩින් පාවෙලා ඇවිත් වදින්නෙ මොකද දන්නෙ නෑ නේද ??
මට පේන්නෙ මේ කට්ටියගේ වටේ අති ප්‍රබල චුම්බක ක්ෂේත්‍රයක්වත් ඇති නේද ??
ඒත් සපත්තුයි පොතුයි වගේ දේවල් මොනවට ඇදිලා එනවද මන්දා...
ඒක නූතන විද්‍යාවට හසු නොවන දෙයක් ලු !!
ලෑලි වලේ ලූල කිව්ව(ලු) !!

7 comments:

Chanaka Aruna Munasinghe said... [Reply to comment]

"අනේ අම්මපා ඇරිකානු ජනාධිපතිලට විතරක් ඔය එක එක දේවල් උඩින් පාවෙලා ඇවිත් වදින්නෙ මොකද දන්නෙ නෑ නේද ??"

ඒක තමා, වෙන ජනාධිපතිලා නැද්ද මේ ලෝකෙ

චමිදේවා said... [Reply to comment]

ඒ රටේ සුදුවෑන් නෑනේ මකරෝ....

9XM said... [Reply to comment]

http://www.dailymail.co.uk/news/article-1319448/Obama-book-thrown-Philadelphia-rally.html

Anonymous said... [Reply to comment]

ලංකාවෙ උනානම් ගහපු එකාගෙ Address නැ :D

Anonymous said... [Reply to comment]

අඩේ පට්ට සීන් නෙ බන්.. ලොල්

dilhan said... [Reply to comment]

හොහ් හොහ් හොහ් සිරා කතාව

Bhagya Sanuka said... [Reply to comment]

හිහ් හිහ් !!
හොඳ වෙලාවට මේකාට පොතක් ජනප්‍රිය කරගන්න ඕනේ උනේ...
බැරි වෙලාවත් බෝම්බයක් ජනප්‍රිය කරගන්න ඕනේ උනානම් එහෙම ??
අනේ අම්මෝ!! :p

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe