සොයන්න:

ශ‍්‍රී ලංකාව පරිත්‍යාගයෙන් ඉදිරියටම| Hail Mother Sri Lanka !


හිත හොඳ මිනිසුන් අතර ලෝකෙන්ම අට වෙනි තැන ශ්‍රී ලංකාවට හිමිවෙයි !

බි‍්‍රතාන්‍යයේ ආධාර අරමුදල නම් සංවිධානය පළමු වරට සකස් කළ ‘ද ගිවින් ඉන්ඩෙක්ස්’ හෙවත් පරිත්‍යාගශීලී දර්ශකයට අනුව පොදු යහපත වෙනුවෙන් පරිත්‍යාග සිදු කරන ජනතාව සිටින රටවල් අතර අට වන ස්ථානය ශී‍්‍ර ලංකාවට හිමිව තිබේ.  පොදු ජන යහපත වෙනුවෙන් කි‍්‍රයා කරන සංවිධාන මෙන්ම ආගන්තුක සත්කාරය වෙනුවෙන් කාලය හා මුදල් වැය කරන්නන් බහුලව වෙසෙන රටවල් සොයා බැලීම සඳහා මෙම දර්ශකය සකස් කෙරෙයි. රටවල් 153ක් ඊට පාදක කර ගෙන තිබේ.

දර්ශකයේ පළමු ස්ථානය හිමි වී ඇත්තේ ඔස්ටේ‍්‍රලියාවට හා නවසීලන්තයටයි. කැනඩාව හා අයර්ලන්තය තුන්වන ස්ථානයට පත්ව සිටියි. ශී‍්‍ර ලංකාව මෙහි අටවන ස්ථානයේ රැඳී සිටින්නේ මහා බි‍්‍රතාන්‍යය සමග සම තත්ත්වයට පත් වෙමිනි. කිසිදු දකුණු ආසියාතික රටක් මෙහිදී ශී‍්‍ර ලංකාව අභිබවා නොයෑම විශේෂත්වයක් වී ඇත. ශී‍්‍ර ලංකාවට පසු ආසියාතික රටක් ලෙස මෙම දර්ශකයේ 22 වන ස්ථානයේ රැදී සිටින්නේ මියන්මාරයයි. අසල්වැසි ඉන්දියාව 134 වන ස්ථානයට පත්ව සිටියි..

4 comments:

දයියා said... [Reply to comment]

ගොඩක් සතුටුයි නේද? අපි බැන්නට අපේ රටේ මිනිස්සු කොච්චර හොඳද කියල හිතෙනව.

දුකා said... [Reply to comment]

ෂාහ් හරිම සතුටුයි . . අපේ සංස්කෘතිය නිසා තමයි මේ ඉතිං . . . නරකත් තිබුනත් වැඩිය තියෙන්නේ හොඳනේ . . ඒ මදැයි . .

Anonymous said... [Reply to comment]

මේ ගැන අපි සතුටු වෙනවා වගේම තවත් මේ වටිනාකම මේ තත්වේ ඉදිරියට ගන්න හෝ අවමය මෙතැනවක් තියාගන්න අපි මහන්සි වෙන්න ඕනි.
ඇයි....?
මම දන්න එක පුද් ගල යෙක් මම පුංචි කාලේ අපේ ගමේ හිටියා..එයා ගමට ආගන්තුකයෙක්.. වැඩක් පලක් කරන්නට පුලුවන් වුනත් කාටවත් එයාගෙන් වැඩක් කරගන්න ඕන වුනේ නැහැ.ඒත් එයා දවසකට එක වේලක් බඩගින්නේ හෝ තේ උගුරක් නොබී සිටි වේලාවක් ගැන මම දන්නේ නැහැ.ඔහුටවත් අදහාගන්නට නොහැකි වුන කාරනයක් ඒක.
එහෙවු සමාජයක් මම හිතන විදිහට සිටිය යුත්තේ පළමු තැනයි මගේ අදහස...
අවුරුදු 15-20 වැන් කාල පරාසයක සිදුවු වෙනස..එදාට වඩා ඇත්තටම අද මෙ සමාජයේ ඒ ගුණ ගරුක භාවයන් නැතිවෙලා.
මෙහෙම කිවුව කියලා මේ සතුට නැතිකරගතයුතු නැහැ..ඒක විදින ගමන් මෙ තත්වේ ඉදිරියට ගෙන යා යුතයි කියන එකයි මගේ අදහස...

Anonymous said... [Reply to comment]

මේ රෑන්ක් එක මේ විදිහට තියා ගන්නවට වඩා අපිට මේ රෑන්ක් එකේ එක වෙන්න බැරි ද....?

Post a Comment

 
Template Design by Bhagya Rajapakshe